Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Thursday, April 15, 2021

අන්දරේ කියපු කවි දෙකක්

 

කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන 

ලොට තං දෙකක් ගෙරි හමකින් වසාගෙන 

තබත් පිත්තලත් දේවගේ පැළදගෙන 

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන 


රන් කොතලේ දිය උකුලේ තබාගෙන 

රන් කොඹූ දෙකක් සළු පොටකින් වසාගෙන 

රිදී රත්තරං දේවගේ පැළදගෙන 

මල්මද බිසව් කොයි යනවද උදෑසන